මෙතැන් සිට FM (Fibromyalgia) හෝ FMS(Fibromyalgia Syndrome) ලෙස හදුන්වා දෙන, මෙම කාළීන සෞඛ්‍යය ගැටළුව වෛද්‍ය විද්‍යාව ඉහළ දියුණුවක පවතින අද දවසේත් අභියෝග ගණනාවක් මතු කරන තත්ත්වයකි. එය හුදෙක් , වේදනාව පමණක් නොව, මෙම ලක්ෂණ වෙනස්වන ස්වභාවය, තවත් සෞඛ්‍යය ගැටළු වලදී මතුවන ලක්ෂණ මතුවීම, ඊටත් වඩා මෙම තත්ත්වය යැයි 100%ක් තහවුරු කළ හැකි රෝග නිර්ණය පරික්ෂණයක් නොමැතිවීම වැනි කරුණූ නිසා, විටෙක "බොරු ලෙඩක්" එසේත් නැත්නම්, "හිතේ ලෙඩක්" හෝ තවත් අවස්ථාවක වෙනත් රෝගයක් යැයි සමාජය මෙන්ම සෞඛ්‍යය වෘත්තිකයන්ද හඳුනාගන්නා තත්ත්වයක් වීම ඊට ප්‍රධානම හේතුවේ.
එම ගැටළු මෙන්ම රෝග ලක්ෂණ සහ ඒ සමඟ පුද්ගලයා මුහුණදෙන අනෙක් අභියෝග ගැනත් පසුව වැඩි විස්තර සහිතව කතා කරන්නට තබා, දැනට මේ රෝග තත්ත්වයේ පොදු ලක්ෂණ කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ, තනිව රෝග විනිශ්චය කරගැනීමට උනන්දු කිරීමට නොව, මෙම ලක්ෂණ ඇත්නම්, එය වෙනත් හේතුවක් මත සඟවා දමා විඳවන්නේ නැතිව, සුදුසුකම් සහිත සෞඛ්‍යය වෘත්තිකයෙක් හමුවී, තමන්ට ඇත්තේ FMS තත්ත්වයද , එසේ නොවේද යන්න තහවුරු කරගෙන නිසි ප්‍රතිකාර සහ චිකිත්සාවන් ඔස්සේ වඩාත් සුවදායී ජීවිතයක් ලබා ගැනීමට පෙළඹවීමටයි.
මේ තමයි FM වල පොදු රෝග ලක්ෂණ
- වේදනාව - දේහය පුරා පැතිර පවතින , කාළයක් තිස්සේ (මාස තුනකට වඩා) පවතී
- වෙහෙස- විවේක ගැනීමකින් පවා අඩු නොවන වෙහෙසටපත් බව
- නිදි ගැටළු - නින්දට යාම පමාවීම, සුවදායී නින්දක් නොලැබීම, වරින්වර නින්දෙන් අවදිවීම
- මතකයේ ගැටළු - අවධානය පවත්වා ගැනීමේ අපහසුව, මතකයේ හිදැස් (brain fog) ඇති වීම
- මනෝභාවයන් අසාමාන්‍ය ලෙස වෙනස්වීම - දුක්බර, කළබලකාරී හෝ ආතතියෙන් සිටීම
- හිසේ වේදනාවන් - මයිග්‍රේන් හෝ තද හිසේ කැක්කුම් වලට ලක්වීම
- උදරය ආශ්‍රිත ගැටළු - බඩේ වේදනාව, පුරවාදැමූ ස්වභාවය, වරින්වර බඩ බුරුලින් යාම හෝ මළබද්ධයේ ලක්ෂණ දැනීම
- කම්මුලේ කැක්කුම - හකු ආශ්‍රිත වේදනාව
- අත්-පා ඇඟිලි වල ඇතිවන වේදනාව , හිරි වැටුනු ස්වභාවය
- වේදනාව වැඩිවීම - ස්පර්ශය හෝ තද කිරීම තුල දැනෙන වේදනාව ඉහළ යාම
- කාන්තාවකට ආර්තවය ආශ්‍රිත ගැටළු
- ලිංගික එක්වීම තුල අධික වේදනාවට ලක්වීම
මේ ලක්ෂණ ඇත්නම්, ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර, තත්ත්වය Fibromyalgia ද නොවේද යන්න තහවුරු කරගන්න උත්සාහ කරන්න. මෙය ප්‍රතිකාර මත ඉතාමත් හොඳින් පාළනය කර , ආසන්න ලෙස සාමාන්‍ය ජීවන රටාවට පත් විය හැකි , නමුත් නොසලකාහැරීම තුල වැඩි අවදානම් අවස්ථා වලට පත්විය හැකි තත්ත්වයකි.
තවත් තොරතුරු වගේම නවතම ප්‍රතිකාර සහ චිකිත්සීය තොරතුරු ඉදිරි ලිපි ඔස්සේ. ඒ අතරේ, ඔබේ අදහස්, අත්දැකීම් බෙදා ගැනීමටත් මේ සමූහය විවෘත බව මතක් කරනවා.
No comments:
Post a Comment